බන්ධනාගාරගත ශානි අබේසේකරට කොවිඩ්

බන්ධනාගාරගත ශානි අබේසේකරට කොවිඩ්

November 25, 2020   10:58 am

දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.