කොළඹ තට්ටු නිවාසවල ජනතාවට දැනුම්දීමක්

කොළඹ තට්ටු නිවාසවල ජනතාවට දැනුම්දීමක්

November 14, 2020   03:13 pm

කොළඹ නගරයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාව සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම වැඩසටහන සැළසුම් කර ඇති බව කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව පවසයි.

තවද, කොළඹ නගරයේ ජනතාවට සිය සෞඛ්‍ය ගැටලු දුරකථන මාර්ගයෙන් විමසීමටත් අවශ්‍ය වෛද්‍ය සේවා නොමිලේ ලබාගැනීමටත් අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ. 

ඒ වෙනුවෙන් පහත සඳහන් වෛද්‍ය කණ්ඩායම් පැය 24 පුරා ක්‍රියාත්මක බව කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය සඳහන් කළාය.

මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, රන්මිණ සෙවන, සත්හිරු සෙවන, මාළිගාවත්ත NHS නිවාස සංකීර්ණය, රන්මුතු සෙවන සහ ලක්හිරු සෙවන යන නිවාස සංකීර්ණ ආශ්‍රිතව වෛද්‍ය සායනයන් පැවැත්වෙන දිනයන් පහතින් දැක්වේ.