ඉටුකම ශේෂය ඉහළට

ඉටුකම ශේෂය ඉහළට

November 5, 2020   08:38 am

ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් තිබේ.

ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම අරමුදල සඳහා ඊයේ (04) ලක්ෂ 75ක පමණ මුදලක් ද ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබුණි.