ලංකාවෙන් ගිය ත්‍රස්තයින් පිරිසක් සොයා ඉන්දියාවේ මෙහෙයුම්

ලංකාවෙන් ගිය ත්‍රස්තයින් පිරිසක් සොයා ඉන්දියාවේ මෙහෙයුම්

August 23, 2019   12:57 pm

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් 06 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්ත පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් වන එල්.ඊ.ටී හෙවත් ලෂ්කා-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයින් 06 දෙනෙකු තමිල්ණාඩු කොයිම්බතූර් ප්‍රදේශයට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇත.

මෙම පිරිස අතර පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රි ලාංකිකයින් 05 දෙනෙකු වන බව සඳහන්.

පාකිස්ථාන ජාතිකයා ඉල්ලියාස් අන්වර් නැමැති ත්‍රස්ත සාමාජිකයා බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ කොයිම්බතූර් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට  ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.