මව්බිමට අහිමි වූ දක්ෂතම සෙබළාගේ දේහය නිවසට

මව්බිමට අහිමි වූ දක්ෂතම සෙබළාගේ දේහය නිවසට

August 22, 2019   12:10 pm

පැරෂුට් පුහුණුවක නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් සිදුවූ අනතුරින් ජිවිතක්ෂයට පත් කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ යුද හමුදා නිලධාරී චම්පික කුමාරසිංහ මහතාගේ දේහය සිය නිවසට ගෙනැවිත් තිබේ.

අද(22) අළුයම 1.30ට පමණ මෙම දේහය මාතර, කිරින්ඳ, පුහුල්වැල්ල, ඕවිටිගමුව ප්‍රදේශයේ පිහිටි එම නිලධාරීයාගේ නිවස වෙත රැගෙන ආ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

යුද හමුදා නිලධාරී චම්පික කුමාරසිංහෙ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(23) දින පුර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබේ.

පසුගිය 20 වෙනිදා අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටිදී පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මෙම යුද හමුදා නිලධාරියා මියගොස් තිබුණි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකි.