ඉන්දීය පිතිකරණ පුහුණුකාර ධුරයට එංගලන්තයේ නම් 2ක් පෙරමුණට

ඉන්දීය පිතිකරණ පුහුණුකාර ධුරයට එංගලන්තයේ නම් 2ක් පෙරමුණට

August 21, 2019   11:43 am

ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් එංගලන්ත හිටපු පිතිකරුවන් දෙපලක් වන ජොනතන් ට්‍රොට් සහ මාක් රාම්ප්‍රකාශ් පෙරමුණේ පසුවන බව වාර්තා වේ.

පිතිකරණ පුහුණුකාර ධුරය සඳහා සුදුස්සෙකු තෝරාපත් කර ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙම දිනවල සිදු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවූවන් අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර ද වන බව සදහන්.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තෝරාපත් කර ගැනීමට අදාල කටයුතු පසුගිය සතියේ අවසන් වූ අතර හිටපු පුහුණුකරු රවී ශාස්ත්‍රී ඉදිරි වසර දෙකක කාලය සදහා ද එම ධුරයට පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව එහිදී පියවර ගනු ලැබුවේය.