වෛද්‍ය ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට

වෛද්‍ය ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට

July 11, 2019   10:34 am

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(11) පස්වරු 01.00ට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභායට ගැනීමට නියමිතයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා  මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මතයි. 

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වද භාවයට පත්කර ඇති බවට  සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි. 

එවන් පසුබිමක අදාළ වෛද්‍යවරයා සිදුකළ සැත්කමින් පසුව යළි පිලිසිද ගැනීමක් සිදු නොවූ බවත් සැත්කම්න් පසු සංකූලතා ඇති බවත් පවසමින්  පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට මව්වරුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේය. 

ඊට අදාළව පාර්ශව කිහිපයක් විමර්ෂණ සිදුකළ අතර  අදාළ මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූපය - ප්‍රදීප් දාබරගේ