පාස්කු ප්‍රහාරය දකුණු ආසි‍යානු ත්‍රස්තවාදයේ නව මුහුණුවරක්-නේපාල ආරක්ෂක ‍ඇමති

පාස්කු ප්‍රහාරය දකුණු ආසි‍යානු ත්‍රස්තවාදයේ නව මුහුණුවරක්-නේපාල ආරක්ෂක ‍ඇමති

June 18, 2019   07:19 am

ශ්‍රී ලංකාවට එල්ල වු බෝම්බ ප්‍රහාරත් සමඟ දකුණු ආසියානු කලාපයේ නව මුහුණුවරක් ගත් ත්‍රස්ත අවදානමක ඉඟි පලවන බව නේපාල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන එරට ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්රේල් මහතා පවසන්නේ අප්‍රේල් 21 වන දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මේ සම්බන්ධයෙන් ප්‍රබල පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බවයි.

කලාපීය හා ජාතික තලය තුළ ත්‍රස්තවාදයේ සංකීර්ණ සංසිද්ධිය අවබෝධ කරගැනීම ඉතා වැදගත් බවත් ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳව ලොව පුරා සිටින මිතුරන්ගෙන් පාඩම් හා අත්දැකීම් ලබාගත යුතු බවත් නේපාල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

නේපාල හමුදාව සංවිධානය කර තිබූ මහජන ආරක්ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය කිරීම පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් නේපාල ආරක්ෂක අමාත්‍ය ඊෂ්වර් පොක්රේල් මහතා මෙම අදහස් පල කර තිබේ.

වෙනස් වු ආරක්ෂක පරිසරය පිළිබඳ පෙන්නුම් කරමින් පසුගියදා නේපාල රජය ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් එලිදැක්වූ බව ද නේපාල ආරක්ෂක අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.