මත්කුඩු ග්‍රෑම් 4ක් සන්තකයේ තබා ගත් තිදරු පියා ජීවිතාන්තය තෙක් සිරගෙට

මත්කුඩු ග්‍රෑම් 4ක් සන්තකයේ තබා ගත් තිදරු පියා ජීවිතාන්තය තෙක් සිරගෙට

June 17, 2019   12:12 pm

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු ත්‍රිරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙසේ දඬුවම් නියම වුයේ 38 හැවිරිදි  තිදරු පියකු වන ත්‍රිරෝද රියදුරෙකුටයි.

2011 වසරේ අගෝස්තු මස 13 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු  අත්අඩංගුට ගෙන තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දු ප්‍රකාශයට පත්කළ  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව එල්ල කළ තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා තීන්දු කළේය.