ගබ්සා පෙති ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

ගබ්සා පෙති ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

May 28, 2019   07:25 pm

වන්ද්‍යාකරණය හා ගබ්සාව පිළිබඳ මේ දිනවල සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.

එවැනි පසුබිමක ගබ්සා පෙති අළෙවි කරන පුද්ගලයෙකු, අද දෙරණ උකුස්සාට අනාවරණ විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ගබ්සා පෙති අළෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ අපට වාර්තා වන්නේ, හැටන් කොටගල ප්‍රදේශයෙන්.

අදාළ ජාවාරම්කරු අද දෙරණ උකුස්සා සම්බන්ධ කරගන්නේ උපායදූතයෙකු ලෙස කාන්තාවක් යොදාගනිමින්.

උපාදූතිය - හෙලෝ

ජාවාරම්කරු - හෙලෝ

උපායදූතිය - කොහොමද මම මේක බීලම නෑ 

ජාවාරම්කරු - මුකුත් බය වෙන්න එපා, ඔළුව රිදෙනවනම්, මොකක් හරි රිදෙනවනම් බෙහෙත් බොනවනෙ. ඒ විදිහට තමයි මේක. 
උපායදූතිය - ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද අයියෙ?

ජාවාරම්කරු -මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. + අද බිව්වනම් හෙට උදේම ඒක බ්ලීඩින්ග් වෙවී යනවා එච්චරයි. 

උපායදූතිය - ආහ්... හා... හා... එතකොට අයියෙ මේ බ්ලීඩ් වෙන එක දවස් කීයක් වගෙ තියෙයි ද?

ජාවාරම්කරු - කොහොම හරි දවස් 05ක් යනවා.

උපායදූතිය - එතකොට අයියෙ ඩොක්ටර් කෙනෙක්ට එහෙම පෙන්නන්න වෙයිද වැඩිපුර මොනවහරි බ්ලීඩ් වෙන්න ගත්තොත් එහෙම?

ජාවාරම්කරු - මම ඩොක්ටර් තමයි. මෙම චෙක්කරලා තමා දෙන්නෙ. 

උපායදූතිය - ආහ්... එහෙමද අනේ සොරි එහෙනම්. අනේ පොඩ්ඩක් බය හින්දා මේ ඇහුවෙ

ජාවාරම්කරු - අපි තමයි මේ පැත්තට මේක කරන්නෙ. අපි තමයි ස්පෙෂලිස්ට් හරි ද. ඒ නිසා මුකුත් බය වෙන්න එපා. 

උපායදූතිය - මට එන්න බයයි. එහෙම නම් කමක් නෑ. 

ජාවාරම්කරු -මම බෙහෙතක් දෙන්නම් ඒක බොන්න හරි.

කූඨ ජාවාරම්කරු පිළිබඳ තොරතුරු අනාවරණවීමත් සමඟ ඔහු නීතියේ රැහැනට හසුකරගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ  සැලසුම් දියත් කරයි.

සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වූ මේ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම පහසු කටයුත්තක් වූයේ නැහැ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට(29)  බලාපොරොත්තු වන්න.