මද්දකට හසු වු දැවැත්තයා

මද්දකට හසු වු දැවැත්තයා

March 18, 2019   09:51 pm

සිගිරිය,දිගම්පතහා රක්ෂිතය සිය වාස භුමිය කරගෙන සිටින දළ ඇතෙකුගේ ඉදිරි දකුණු පාදය මද්දකට පැටලී ඇවිද ගැනීමට අපහසුවී අසරණ තත්ත්වයෙන්  සිටියදී සිගිරිය හා ගිරිතලේ වනජීවී නිලධරීන් විසින් 17 දින පස්වරුවේ පැය පහකට ආසන්න කාලයක දැඩි වෙහෙසක් දරා ඇතා නිර්වින්දනය කර මද්ද ඉවත් කිරීමට සමත් විය.

උස අඩි 08 ක් හා  වයස අවුරුදු 12 ක් පමණවන මෙම ඇතා දඩයක්කරුවෙකු විසින් වන සතුන් අල්ලා ගැනීමට අටවන ලද මද්දකට හසුවී ඉතා අපහසු තත්ත්වයෙන් දඹුල්ල- හබරණ ප්‍රධාන මර්ගයේ  දිගම්පතහා ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට සමීපව පැමිණ සිට ඇත.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ උගුලට හසුවූ තම පාදය ඔසවා පෙන්වමින් සිටි බවයි.

 සිගිරිය වනජීවී නිලධාරීන් විසින් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කලිඟුආරච්චි මහතා දැනුවත් කර මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ. 

සිගිරිය වන අඩවි ආරක්ෂක සි .බණ්ඩාරනායක,වනජීවි නිලධාරීන් වන කුලරත්න,ජයවීර යන මහතුන් ඇතළු කණඩායමක් මෙහෙයුමට එක්ව සිටියහ.