ජල සම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවකින් ජලය ඇද්ද 2ක් කොටුවෙයි

ජල සම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවකින් ජලය ඇද්ද 2ක් කොටුවෙයි

March 15, 2019   09:58 am

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවකින් නීති විරෝධී අන්දමින් ජලය ප්‍රවාහනය කළ දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ජල ගබඩාවෙන් කලක සිට රහසිගත අන්දමින් ජලය ප්‍රවාහනය කරන බවට පොලීසිය ලද තොරතුරක් මත ඊයේ (14) රාත්‍රිෙය් වැටලීමක් කර ඇත.

පොලීසිය පැවසුවේ වැටළීම සිදු කළ අවස්ථාවේදීත් පානදුර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයට අයත් බවුසර් රථ 03කට ජලය නීතිවිරෝධී අයුරින් පුරවමින් සිටි බවය.

එහිදී එම බවුසර් රථ තුන සහ එහි රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම අතරතුර එක් රියදුරෙක් පලාගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආයතනයකට අයත් මෙම එක් බවුසරයකින් ජලය ලීටර 13000ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි බවය.