ශ්‍රී පාද පුද බිමේදි අස්තානගත වු රුපියල් එක්ලක්ෂ තුන්දහස

ශ්‍රී පාද පුද බිමේදි අස්තානගත වු රුපියල් එක්ලක්ෂ තුන්දහස

February 18, 2019   09:28 pm

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙකුගේ අස්තානගතව තිබූ  රුපියල් 103 000/- (එක් ලක්ෂ තුන්දාහක)  මුදලක් සහිත පසුම්බිය නල්ලතන්නිය පොලීසියේදී  අද (18) පස්වරුවේ අයිතිකරු වෙත බාර දී තිබේ.

බියගම්පොළ, කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්.ටී.පුලතිසි රාජපක්ෂ නැමති මෙම වන්දනාකරු නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ ගොස් නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ගඟුලතැන්න විවේකාගාරයට ගොස් ගිමන් හැර ඇත.

 විශ්‍රාම ශාලාවේ දෛනික කටයුතු සොයාබලමින් සිටි එම ආයතනයේ, ශ්‍රීපාද කළමණාකරු වන අජිත් දමයන්ත කැකුළාවල මහතාට අද (18) පෙරවරුවේ මෙම මුදල් පසුම්බිය හමුවී ඇත.

අනතුරුව ඒ මහතා වහා නල්ලතන්නිය පොලීසියට පැමිණ තමන් හමුවී සිද්ධිය පිළිබඳව දැණුම්වත් කිරීමෙන් පැය කීපයකට පසුව පසුම්බියේ අයිතිකරු නල්ලතන්නිය පොලීසියට ඉදිරිපත්වූ බවත්,  පසුවඅනන්‍යතාවය හා මෙතරම් මුදලක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණීම සම්බන්ධව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පසුම්බිය නැවත අයිතිකරුට නල්ලතන්නිය පොලීසියේදී බාර දුන් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

ශීපාද වන්දනාවේ පැමිණෙන විට තමන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන, ස්වර්ණාභරණ හා වෙනත් වටිණා දේවල් සම්බන්ධව සැලකිළිමත් වන ලෙසත්, විශාල මුදලක් පසුම්බිවල දමා ශ්‍රීපාද වන්දනාවේ නොයෙදෙන ලෙස තමන් සමස්ත වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයා පැවසීය.