නවම් පෙරහැරට කොළඹ වැහෙන පාරවල්

නවම් පෙරහැරට කොළඹ වැහෙන පාරවල්

February 18, 2019   05:05 pm

අද(18) සහ හෙට(19) යන දිනවල ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහැර හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වනු ඇත.

ඒ අනුව  සර් ජෙම්ස් පීරීස් මාවත, කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස අද රාත්‍රී 7 සිට පෙරහැර අවසන් වෙන තුරු වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර තිබේ.

කොළඹ සිට කොම්පඤ්ඤවීදිය සර් ජේම්ස් පීරිස් මාර්ගය හරහා ගමන් කරන රථවාහන යුන්යන් පෙදෙස, ඉබ්බන්වෙල හංදිය, නගර සභා වටරවුම හරහා කොල්ලුපිටිය දෙසට හෝ ජස්ටික් අක්බාර් මාවත, අලියානාන වටරවුම, ගාලුමුවදොර වටරවුම හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළ යුතුයි.

කොල්ලුපිටිය දෙස සිට පැමිණෙන වාහන ගාලුමුවදොර වටරවුම, අලියානාන වටරවුම, ජස්ටික් අක්බාර් මාවත හරහා කොම්පඤ්ඤ වීදිය දක්වා හා ලිබර්ටි වටරවුම පිත්තල හන්දිය, ධර්මපාල මාවත, ටවුන්හොල් වටරවුම, ඉබ්බන්වල හංදිය, යුනියන් පෙදෙස හරහා කොම්පඤ්ඤවීදිය හංදියට ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.