දෙවන විශේෂ මහාධිකරණයත් පළමු මහාධිකරණ පරිශ්‍රයේම පිහිටුවයි

දෙවන විශේෂ මහාධිකරණයත් පළමු මහාධිකරණ පරිශ්‍රයේම පිහිටුවයි

February 18, 2019   11:39 am

බරපතළ මුල්‍ය වංචා දුෂණ නඩු විභාග කිරීමේ දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පළමු ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේම පිහිටුවීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ආර් .එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා සඳහන් කළේ, ඒ අනුව ඉතා ඉක්මනින් දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා බවයි.

1978 අංක 2 දරන අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ අදාළ පිහිටු වීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කළද එය  පිහිටුවන ස්ථානය පිළබඳව ගැටළු මතුව තිබුණි.

කෙසේවෙතත් මේ විට එම තත්වය සමතයකට පත් කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ලේකම් වරයා සඳහන් කළේය.

විශේෂ  මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි මස 09 වනදා වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු මස 21 වන දින ආරම්භ කරනු ලැබුවේය.

මුල්‍ය අපහරණය සහ විශුද්ධි කරණය මහජන දේපළ අවභාවිතය අල්ලස් ලබා ගැනීම් ඇතුළු පැමිණිලි රාශියක් මෙහිදී විභාගයට ගැනෙනු ඇත.