විජයමුණි-ඉන්දික-ලක්ෂ්මන් ආණ්ඩු පක්ෂයට

විජයමුණි-ඉන්දික-ලක්ෂ්මන් ආණ්ඩු පක්ෂයට

December 18, 2018   01:22 pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනෙකු එක්සත් ජාතික පෙරමුණ සහය දැක්වමින් ආණ්ඩුපක්ෂයේ අසුන් ගෙන තිබේ.

ඒ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

එක්සත් ජාකතික පක්ෂය සමඟ එකතු නොවු බවත් දේශපාලන ස්තාවර භාවය ඇති කිරීම පිණිස ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අද(18) පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරව කරන බවත් එහෙත් මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටින පුද්ගලයින් සමඟ දේශපාලන ගමනක් යා නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටන පාක්ෂිකයන් සියලු දෙනා අසරණ වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලයේදී පාක්ෂිකයන්ට සේවය කිරීමට තරම් හොඳ අමාත්‍යංශයක් නොලැබූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.