ජනපතිගෙන් තවත් ඉල්ලීමක්

ජනපතිගෙන් තවත් ඉල්ලීමක්

December 12, 2018   08:19 pm

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලූ වතු කම්කරුවන්ගෙන් ඉල්ලයි.

දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩවර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට එම වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමි විය යුතු බව තමා විශ්වාස කරන අතර, ඒ හා සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවරගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳව වතු සමාගම් සමඟ සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ආරුමුගම් තොණ්ඩමන්, මහින්දානන්ද අලූගමගේ යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටියහ.