හොරට මැණික් ගැරූ 4ක් පොලිස් දැලේ

හොරට මැණික් ගැරූ 4ක් පොලිස් දැලේ

December 5, 2018   09:21 am

බගවන්තලාව, ශ්‍රීපාද රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී 09.50ට පමණ අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. 

එහිදී සැකකරුවන් සතුව තිබී මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ ඔවුන් බගවන්තලාව සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද(05) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.