බිඳවැටුණු මගී ආවරණය අබියස බිඳනොවැටුණු බලාපොරොත්තුව..!

බිඳවැටුණු මගී ආවරණය අබියස බිඳනොවැටුණු බලාපොරොත්තුව..!

March 5, 2012  

Bookmark and Share
හලාවත-කුරුණෑගල මාර්ගයේ තිත්තක‍ඩේ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනක් තුවාල ලැබූහ.නාත්තණ්ඩිය පොළට එළවළු ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයක් බස් මගී ආවරණයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.මෙම අනතුරෙන් බස් මගී ආවරණය මුළුමනින්ම කැඩි බිඳී ගොස් ඇත.මෙම ප්‍රදේශයට රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ එකම ගොඩනැඟිල්ල මෙම බස් මගී ආවරණය බැව් ප්‍රදේශවාසීහු පවසති. බිඳවැටුණු මගී ආවරණය අබියස පාසල් යන්නට සූදානමින් සිටින දැරියකි.

ඡායා රූ-ජූඩ් සමන්ත