ජාතික ආරක්ෂාව දුර්වල වී නෑ - ජනපති ජපන් ශ්‍රී ලාංකිකයින් අමතයි

ජාතික ආරක්ෂාව දුර්වල වී නෑ - ජනපති ජපන් ශ්‍රී ලාංකිකයින් අමතයි

May 28, 2016   10:08 am




ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව කිසිඳු අයුරකින් දුර්වල වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ අවස්ථාවාදී දේශපාලන බලවේගයන් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බවයි.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ජපානයේ නගෝයා නගරයේදී හමුවූ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

තම මාතෘ භූමිය දෙස සුභවාදී ලෙස බලා එය ගොඩනැගීමට දායක වන ලෙස ජනාධිපතිවරයා එහිදී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

යුද්ධය අවසන්වීමෙන් පසුව පශ්චාත් යුධ සමයේදී ඉටු කළ යුතු වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් වත්මන් රජයට ජාත්‍යන්තරය හමුවේ උත්තර බැඳීමට සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජී 7 සමුළුවේදී සියළු රාජ්‍ය නායකයින්ගෙන් තමන්ට ලැබුණු මිත්‍රශීලී මෙන්ම ලෙංගතු පිළිගැනීම මගින් තහවුරු වන්නේ ශ්‍රී ලංකා නව රජයේ වැඩපිළිවෙළට ජාත්‍යන්තරයෙන් ලැබී ඇති විශ්වාසය හා ආශිර්වාදය බව ද ජනාධිපතිවරයා පැවසුවේය.