පොල්ගහවෙලදී සිදු වූ රිය අනතුර‍කින් එකම පවුලේ 3ක් අවසන් ගමන් යයි-3කට තුවාල

පොල්ගහවෙලදී සිදු වූ රිය අනතුර‍කින් එකම පවුලේ 3ක් අවසන් ගමන් යයි-3කට තුවාල

March 15, 2019   11:25 am

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්  පුද්ගලයන් තිදෙනෙතු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. 

අද(15) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදා නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බව අප වාර්තාකරු පවසයි.

විවාහ උත්සවයකට සහභාගී වීම සඳහා ත්‍රිරෝද රථයකින් යමින් සිටි පිරිසක් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය  සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු ගමන් කර ති‍බේ.

අනතුරින් මියගොස් ඇත්තේ මව ,දියණිය සහ ත්‍රිරෝද රථයේ රියදුරු වන බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබු ළමුන් තිදෙනා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබේ.