සයුරෙන් එතෙර

යුක්‍රේන යුද්ධය අවසන් කෙරෙන සාම ක්‍රියාවලියක් ගැන සාකච්ඡා

December 9, 2025   05:08 pm

යුක්‍රේන යුද්ධය අවසන් කෙරෙන සාම ක්‍රියාවලියක් වෙනුවන් කැපවී සිටින බව ඉන්දියාව අවධාරණය කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුටින් ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දියාවට පැමිණි අතර වෙළඳාම, ආරක්ෂක සහයෝගීතාව සහ යුක්‍රේන යුද්ධය සහ ඒ සඳහා වන සාම මාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.

තවත නායකයින් දෙදෙනාම මෙම අවස්ථාව යොදා ගත්තේ ඉහළ තාක්‍ෂණය, ගුවන් සේවා, අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල සහයෝගීතාවය ඇතුළු වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික සබඳතා පිළිබඳ අවධාරණය කිරීමට ය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාමය සඳහා ඉන්දියාවේ කැපවීම අවධාරණය කරමින්, යුක්‍රේනයේ සාමය සඳහා වන සෑම උත්සාහයකටම ඉන්දියාව සහාය දෙන බව ප්‍රකාශ කර තිබුණි.

සාමකාමී විසඳුමක් සඳහා ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් පුටින් පිළිගෙන ඇතැයි ද වාර්තා වෙයි.