කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන්  රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක්

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක්

December 11, 2025   07:43 pm


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ 'Rebuilding Sri Lanka' අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ වෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද (11) එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විස්ටර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Thab 1.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Alberto Arcidiacono යන මහත්ම මහත්මිහු එම අවස්ථාවට එක්ව සිටියහ.