සයුරෙන් එතෙර
සත්‍යජිත් රායිගේ මහ ගෙදර ගැන කතාබහක්
July 16, 2025 01:11 pm
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි සම්මානිත ඉන්දීය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කිරීමත් සමඟ ඒ පිළිබඳ ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
වසර සියයක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති එම නිවස මේ වනවිට බංග්ලාදේශ රජය සතු දේපළක් ලෙස පවතී.
එම නිවස කඩා ඉවත් කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙසත්, ඒ වෙනුවට නිවස අලුත්වැඩියා කර සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යාම සුදුසු බවත් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බවද එම ප්‍රකාශයේ සඳහන්ය.