සයුරෙන් එතෙර
ආමේනියාව සහ ඉන්දියාව ප්‍රහාරක යානා ගනුදෙනුවක
June 12, 2025 08:49 pm
ආමේනියාව සිය ගුවන් බලය ශක්තිමත් කරමින් Su-30MKI ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමග ඉහළ මට්ටමේ සාකච්ඡා තීව්‍ර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයෙන් JF-17 Thunder Block III ජෙට් යානා 40ක් මිලදී ගැනීම සඳහා අසර්බයිජානයේ ඩොලර් බිලියන 4.6ක සුවිශේෂී ගනුදෙනුවෙන් පසුව මෙම ගනුදෙනුව ගැන තොරතුරු වාර්තාවී ඇත.
ආරක්ෂක විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ ආමේනියාව Su-30MKI අසර්බයිජානයේ JF-17 බ්ලොක් III බලඇණියට එරෙහිව උපායමාර්ගික සමකරනයක් ලෙස සලකන බවය.
ඉන්දියාව, මෑත වසරවලදී, ආමේනියාව සඳහා තීරණාත්මක ආරක්ෂක හවුල්කරුවෙකු ලෙස ගොඩනැගෙමින් සිටී.
ඉන්දියාවෙන් ඔබ්බට යමින් ආර්මේනියාව සිය ආයුධ සැපයුම්කරුවන් සඳහා ප්‍රංශය සමඟ ද සම්බන්ධවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.