සයුරෙන් එතෙර
Starlink ඉන්දියාවේ මෙහෙයුම් ඇරඹීමට සැරසෙයි
June 10, 2025 04:11 pm
අමෙරිකානු ව්‍යාපාරික ඊලෝන් මස්ක්ගේ සැටලයිට් අන්තර්ජාල සේවාව වන Starlink ඉදිරි මාස දෙක ඇතුළත ඉන්දියාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, පසුගිය සතියේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමෙන් පසුවය.
Starlink යනු ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගත් තුන්වන සමාගමය.
Starlink ට පෙර එම දෙපාර්තමේන්තුව විසින් රට තුළ සේවා සැපයීම සඳහා Eutelsat හි OneWeb සහ Reliance Jio හි මෙහෙයුම් අනුමත කර තිබුණි.
ඉන්දියාව තුළ Starlink දියත් කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස මාසක අත්හදා බැලීමේ කාලසීමාවක් පිරිනැමීමට ද සැලසුම් කර තිබේ.
නිතිපතා මාසික ගෙවීම් ආරම්භ කිරීමට පෙර පාරිභෝගිකයින්ට සේවාව පරීක්ෂා කිරීමට එමගින් ඉඩ සැලසෙනු ඇත.