ICC ටෙස්ට් ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 282ක ඉලක්කයක්
June 13, 2025 05:26 pm
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසාන මහා තරගය මේ වන විට එංගලන්තයේ ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මීට සුළු මොහොතකට පෙර තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිල ලකුණු 207කට දැවී ගිය අතර ඒ අනුව මුල් ඉනිමේ වාසිය ද සමගින් ඔවුන් ලකුනු 281 ක් ඉදිරියෙන් සිටී.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිල සියලු දෙනා දැවී ලකුණු 212 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිලට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 138 ක් පමණි.
ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිල අද දිවාආහාරයට පෙර ලකුණු 207කට දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිල සමත්විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු පිලට ලකුණු 282ක ඉලක්කයක් හිමිව තිබේ.
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ දී ඔවුන්ගේ මුල් කඩුළු 7 ලකුණු 73 ක් තුළ දැවී ගිය අතර අංක 09 පිතිකරු ලෙස පිටියට පැමිණි මිචෙල් ස්ටාර්ක් නොදැවී ලබා ගත් ලකුණු 58 සමඟින් ගෞරවාන්විත ඉලක්කයක් දකුණු අප්‍රිකානු පිලට ලබා දීමට ඕස්ට්‍රේලියානුවන් හට හැකියාව ලැබුණි.
පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් කගිසෝ රබාඩා ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ කඩුළු 4ක් බිඳ හෙළූ අතර පළමු ඉනිමේ දීද ඕස්ට්‍රේලියානු කඩුළු 5ක් ඩැහැ ගැනීමට ඔහු සමත්විය.
අද තරගයේ තෙවැනි දිනයයි.