සයුරෙන් එතෙර
ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි
June 14, 2025 09:41 am
ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ.
එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.
මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් රටවල් දෙකටම යෝජනා කර තිබේ.
ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වන අතර හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්ව සිටින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දියානු ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පහැදිලි කර තිබේ.
කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස සහ ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස උපදෙස්දී ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.