අස්වැසුමේ මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් අත්අඩංගුවට
June 13, 2025 05:59 pm
අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරිනියකි.
සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිතය.