සයුරෙන් එතෙර
චීනය ගැන අමෙරිකාවෙන් රතු එළියක්
June 3, 2025 06:09 pm
චීනය කලාපයට තර්ජනයක් එල්ලකර ඇති අතර තායිවානය ආක්‍රමණය කිරීමටද සූදානම් වන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසා තිබේ.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ චීනය ඉන්දු-පැසිෆික් කලාපයේ බල තුලනය වෙනස් කිරීම සඳහා මිලිටරි බලය භාවිත කිරීමට සූදානම් වෙමින් සිටින බවය.
චීනය තායිවානය ආක්‍රමණය කිරීමට දරන ඕනෑම ප්‍රයත්නයක් විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇති බවද ඔහු තවදුරටත් පවසයි.
සිංගප්පූරුවේ පැවැති ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කර තිබේ.