සයුරෙන් එතෙර
ජපානයේ දරු උපත් අඩු වෙයි
June 5, 2025 05:29 pm
වසර සියයකට අධික කාලයකට පසු ජපානයේ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 2024 වර්ෂයේදී වාර්තා වී තිබේ.
පසුගිය වර්ෂයේ එරට දරු උපත් සංඛ්‍යාව 686,061ක් ලෙස වාර්තා වී ඇති අතර එය, 1899 වසරට පසුව ජපානයේ සිදුවූ අඩුම වාර්ෂික දරු උපත් සංඛ්‍යාව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම 2023 වසරට සාපෙක්ෂව 2024 වසරේදී උපත් සංඛ්‍යාව සියයට 5.7කින් පහළ ගොස් ඇති බවද සඳහන් ය.
මෑතකාලයේ ජපානයේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යාමක් පෙන්නුම් කර ඇති අතර මෙම තත්ත්වය ‘නිහඩ හදිසි අවස්ථාවක්‘ බව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මෙම තත්ත්වය තුළ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ.
වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් මේ වනවිට ජපානයේ සේවක හිඟයක් ද නිර්මාණය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.