සයුරෙන් එතෙර
පහල්ගම් සිද්ධියෙන් පසු ඔස්ට්‍රේලියාව දුන් සහායට ඉන්දියාවෙන් තුති
June 5, 2025 05:26 pm
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, රිචඩ් මාල්ස්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවය.
නවදිල්ලියේ පැවති දෙරට අතර මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ ශක්තිමත් ආරක්ෂක හවුල්කාරිත්වය සහ කැපවීම යළිත් තහවුරු කර තිබේ.
මෙම හමුවේදී, රාජ්නාත් සිං, රටවල් දෙක අතර වර්ධනය වන උපායමාර්ගික සබඳතා පිළිබඳව සහ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාව ලබා දුන් සහයෝගයට ස්තූති කර තිබේ.
එමෙන්ම ඉදිරි වසරවලදී දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා වර්ධනයට ඵලදායී ලෙස දායක වෙමින් නව ජවයකින් යුතුව කටයුතු කිරීමට ද ඔවුන් එකඟත්වය පළ කර ඇත.