සයුරෙන් එතෙර
සෞදි අරාබියෙන් මෝදිට ඉහළ පිළිගැනීමක්
April 22, 2025 08:56 pm
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සහා සෞදි අරාබියට පැමිණ තිබේ.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස සෞදි අරාබියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී දෙරට අතර බලශක්තිය, සෞඛ්‍ය, විද්‍යාව සහ විද්‍යාත්මක පර්යේෂණ ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් රැසකට එළඹීමට නියමිත බව සඳහන් ය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු සෞදි අරාබියේ සංචාරයක නිරතවන්නේ වසර 40 කට පසු වීම ද විශේෂත්වයකි.