ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

April 26, 2025   11:56 am

චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 400x4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව ඇත.

මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස්, නදීෂා රාමනායක හා සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැඳීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය මැයි 10 හා 11 දිනවල ගුවැන්ෂු හි ගුවැන්ඩොං ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ 7වන අදියර මෙය වන අතර, එය චීනයේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.