සයුරෙන් එතෙර
කැනඩාව - මෙක්සිකෝව සහ චීනයට කුමක් වෙයි ද ?
March 4, 2025 04:58 pm
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය කැනඩාව සහ මෙක්සිකෝව මත ඉහළ නැංවූ සියයට 25ක තීරුබදු අද (04) සිට ක්‍රියාත්මක වෙයි.
එමෙන්ම චීන ආනයන මත ඉහළ නැංවූ තීරුබදු ක්‍රමය ද අද සිට ක්‍රියාත්මකය.
අමෙරිකාව මෙම තීරණය ගත්තේ අදාළ රටවල සිට එරටට නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගලාඒම වැළැක්වීමේ අරමුණින් ය.
මෙම තීන්දුවත් සමඟ කොටස් වෙළෙඳපොළ මිල පහත වැටී ඇති අතර, අමෙරිකානු ආනයන මත ද එවැනිම බදු පනවන බවට අදාළ රටවල් තුනම අවධාරණය කර තිබුණි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේදී ද චීනයට සියයට 10 ක නව තීරුබදු පැනවීමක් සිදුකරන බව නිවේදනය කර තිබුණි.
ඉකුත් සඳුදා අත්සන් කළ නව විධායක නියෝගය අනුව එම ප්‍රතිශතය සියයට 20ක් දක්වා ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.