සයුරෙන් එතෙර
මෝදි - ට්‍රම්ප් ගිවිසුමක් ගැන දැඩි අවධානයෙන්
February 14, 2025 10:53 am
දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
ඒ ධවල මන්දිරයේදීය.
එහිදී නායකයින් දෙපළ ද්විපාර්ශ්වීය සාකච්ඡා වටයකට එක්වී තිබේ.
එම සාකච්ඡාවලින් අනතුරුව නායකයින් දෙපළ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද සහභාගී වී තිබිණි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ වොෂින්ටනය සහ නවදිල්ලිය “අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගිවිසුමක්” අවසන් කිරීමට උත්සාහ කරන බවය.
මෝදිව ධවල මන්දිරය වෙත පිළිගනිමින් ට්‍රම්ප් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දීර්ඝ කාලයක සිට තමාගේ හොඳ මිත්‍රයෙකු බවය.