අවිස්සාවේල්ල - කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ
February 14, 2025 06:35 pm
අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට රජයේ අවදානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමන් මේ බව සදහන් කළේය.
මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා සිදුකෙරේ.
එමෙන්ම දෙවන අදියර රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වත් ඉදිකිරීමට යෝජිත බව ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.
මින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබේ.
එමෙන්ම දුම්රිය ස්ථාන රැසක්ද හඳුනාගෙන ඇත.
මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රේමතිලක මහතා මෙහිදී පැවසීය.
මෙහි තුන්වන අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින් එක්කර ඇති යෝජිත දුම්රිය මාර්ගයක් වේ.
මෙම දුම්රිය මාර්ගයේ පළමු අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30ක් පමණ මුදලක් වැයවනු ඇතැති අපේක්ෂාකර ඇත.
එම මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියානු රජය සමගද සාකච්ඡා කරමින් සිටින බව ප්‍රේමතිලක මහතා පැවසීය.
1970 දශකය දක්වා කොළඹ සිට කහවත්ත දක්වාම දුම්රිය ධාවනය කර තිබේ.