පවතින වියළි කාලගුණයේ අද තත්ත්වය

පවතින වියළි කාලගුණයේ අද තත්ත්වය

February 15, 2025   06:10 am

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (15) දිනයේ ද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.

උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.