සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර
February 14, 2025 06:13 pm
සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවැති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ පැවැති ක්‍රමවේදය මගින් ඉඩම් කැබැලි බවට පත්වීම සහ ඔප්පුලාභියා විසින් සෙසු ප්‍රතිලාභීන්ගේ අදහස් නොවිමසා ඉඩම් අලෙවි කිරීම වැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බවය.
විසල් මහනුවර සංවර්ධනය පිළිබදව රාජ්‍ය ආයතන සහ වෙෙළඳ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වසර 2035 දක්වා මහනුවර නගරය හා පරිවාර නගර කේන්ද්‍ර කොට ක්‍රියාත්මක සංවර්ධන සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඉකුත් පාලන සමයේදී ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමය මගින් ඉඩම් කැබැලි බවට පත්වූ බවත් එම ක්‍රමවේදය ඔස්සේ ඉඩම් අලෙවි කිරීම ඉතා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබුණු බවත් ය.
ඒ හේතුවෙන් ඉඩමේ ප්‍රතිලාභ ලැබූ පවුලේ සෙසු සාමාජිකයන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඉඩම් අයිතිය අහිමිවන බව ද ඒ අනුව නව ක්‍රමවේදයක් සකස් කොට කඩිනමින් ක්‍රියාත්මක කරන බව ත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.