සයුරෙන් එතෙර
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
September 17, 2023 11:18 am
බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍යය වාර්තා කළේ, බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.
මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුර මෙම වෙඩි තැබීම සිදු ව ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර ඇත.