
හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6ක් අවලංගුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව රාත්‍රී 7ට කොළඹ කොටුව සිට මඩකළපුව බලා ධාවනය වන දුම්රිය ,රාත්‍රී 8ට කොළඹ කොටුව සිට කංකසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය සහ රත්‍රී 9.30 මඩකළපුව බලා ධායනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගුවන බව සඳහන් වේ.
කෙසේවෙතත් අදාල දුම්රිය අවලංගුවීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රවාහන බලධාරීන් මේ දක්වා නිෂ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව පවසමින් එයට විරෝධය දැක්වීමට ලංකා දුම්රිය සේවයේ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති හෙට (17) සහ අනිද්දා (18) යන දෙදින තුළ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අතර රියදුරු සහයකවරුන්, ෂන්ටින් රියදුරුවරුන් හා අංගනවල සේවයේ නියතු සේවකයන් ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සහය පල කර ඇත.



















































