
පොලිස් නිෂ්කාශන සහතිකපත් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් අවස්ථාව සලසා දී ඇතැයි පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ සිය නිෂ්කාශන පරිගණක පද්ධතියේ අතශව්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
ඒ අනුව නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීම සඳහා පරිගණක පද්ධතිය යථාවත් වනතුරු පහත නිවේදනයේ සඳහන් පරිදි කටයුතු කරන ලෙසද ඔවුන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.



















































