
මට්ටක්කුලිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ මෝටර් රථය ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක ගැටී ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
අනතුරට හේතු වූ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



















































