
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ආසන්නයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් පිළිබඳව ගුවනේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී රූපවාහිනී මාධ්‍යට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
NBC Los Angeles නාලිකාවේ ප්‍රකට මාධ්‍යවේදිනී එලීනා මොරේනෝ (Eliana Moreno) සහ එම හෙලිකොප්ටර් යානයේ නියමුවා මෙම අවාසනාවන්ත අනතුරින් මියගිය අය අතර වන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන් වෙයි.



















































