
වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඊයේ (16) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩවර්ජනයක් මෙලෙස ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ වන විට ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා,
"අපේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය මත ඊයේ දුම්රිය ගණනාවක් අවලංගු වෙලා, මගීන් වැඩවර්ජනයට කලින්ම අපහසුතාවයට පත්වෙලා. මෙවැනි කාරණා නිසා තමයි අපි මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න කියන්නේ. අද දිනේ මේ වෙද්දිත් දුම්රිය සාමාන්‍යාධිකාරි සහ විධායක නිලධාරීන් දඟලන්නේ දුම්රිය ධාවනය කරන්න. නමුත් දුම්රිය ආදායම, මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. දුම්රිය ස්ථානාධිපතිවරු බහුතරයක් වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා. රජයට හිතවාදී ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක් මේ වැඩවර්ජනය කඩාකප්පල් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නැවත තබාගැනීමට අවශ්‍ය කටයුතු සලසනවා. අපි විශ්මිත වෙනවා. මේක දේශපාලන අරමුණකින් නෙමෙයි දෙපාර්තමේන්තුව ගොඩගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වුණ වෘත්තීය සටනක්."
දුම්රිය වර්ජනය ආරම්භ කිරීමට පෙර ඊයේ පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් පීඩාවට පත්වුණි.
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුව ද සෑම දුම්රිය මාර්ගයකම සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මුහුදුබඩ මාර්ගයේ අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 13ක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති අතර හලාවත මාර්ගයේ දුම්රිය ගමන්වාර 11ක් ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ගමන්වාර 15ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 7ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.



















































