header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව
Mobitel 1278

එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙහිදී සඳහන් කළේය.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ මෙම නඩුව අද කැඳවනු ලැබීය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, ඒ සඳහා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

"ස්වාමීනී, අදාළ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමයි මෙම පැමිණිල්ල මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

මෙම නඩුකරයේ හතරවන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ඔබතුමාගේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඔහු මෙම නඩු කටයුත්තේ හතරවන සැකකරු වශයෙන් නම් කර තිබෙනවා".  

අනතුරුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙලෙස කරුණු දැක්වීය.

"ස්වාමීනී... මෙම එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ තිබෙන මෙහි දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තියගේ 'බිස් සොලියුෂන්' නමැති සමාගමේ බැංකු ගිණුමට ලැබෙනවා.

ඉන් අමෙරිකානු ඩොලර් මිලියනයක් මේ වන විට මියගොස් සිටින කපිල චන්ද්‍රසේනගේ ඔස්ට්‍රේලියාවේ තිබෙන කොමන්වෙල්ත් බැංකුවට යොමු කරලා තිබෙනවා.

තවත් රුපියල් මිලියන 25ක් සිංගප්පූරුවේ තිබෙන sl agro නමැති සමාගමට යොමුවෙලා තිබෙනවා. පසුව එම සමාගමින් අදාළ මුදල මෙම නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ නමැත්තාගේ ගිණුමට බැර වී තිබෙනවා.

ඉන් පසුව ප්‍රියංකා නියෝමාලි විජයනායකගේ 'බිස් සොලියුෂන්' නමැති සමාගමේ ගිණුමෙන් තවත් අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නමැත්තාට අයත් 'සේවර් විෂන්'   නමැති සමාගමේ ගිණුමට බැර වෙලා තිබෙනවා.

පසුව එම මුදල එනම් රුපියල් මිලියන 100ක් සැකකාර නාමල් රාජපක්ෂට ලබාදුන් බවට නිමල් පෙරේරා අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයකින් හා දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කර තිබෙනවා".

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,

"මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදුන්නා.

වෝහාරික විගණන වාර්තා ලබා දුන්නා. එම  වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හා එයාර් බස් සමාගමේ නිලධාරීන් අතර සම්බන්ධතා පවත්වා තිබෙන ආකාරය මනාව පැහැදිලි වෙනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටියේය.

ඒ ඔහුට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පවසමින්.

ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමීනී... පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාළ වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කරලා නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා.

ඇප දීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. කෙසේ වෙතත් මගේ සේවාදයකයා දේශපාලකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බැහැ.

ඒවගේම ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ අවස්ථාවේදී ඔහුට අදාළ වෙනවා.

නිමල් පෙරේරා නමැත්තාගේ ගිණුමකට මුදල් ලැබිලා තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි එම මුදල මේ සැකකරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක. ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසත්  ඉල්ලා සිටිනවා".

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශය කළේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවය.

එතෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල