
මෙරට දුගීභාවය තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති සටන ඉදිරියට සිදු කිරීමට දක්ෂ සෙන්පතියන් පිරිසක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් විරවංශ මහතා පවසයි.
දුගී දුප්පත්කම මෙරට මිනිසුන් අමනුෂ්‍යයන් බවට පත් කර ඇති බව ඔහු සදහන් කරයි. ඊයේ පිටකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය. තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය අවසන් කර ඇති මේ මොහොතේ මෙරටින් දුගී දුප්පත්කම තුරන් කිරීම ඊළග අරමුණ බව විමල් වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.










































