
2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනිදා දක්වා මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අදාළ කාලසීමාව තුළ උපයා ඇති ආදායම රුපියල් මිලියන 11,486කි.
එමෙන්ම, මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 7,282ක ආදායමක් උපයා තිබේ.
පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයෙන් එම කාලසීමාව තුළ උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,560.05කි.
ඒ අනුව, මෙම අධිවේගී මාර්ග තුනෙන් පමණක් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 21,328.05ක් වේ.
මීට අමතරව, පිටත වටරවුම් අධිවේගී මාර්ගයෙන් අදාළ කාලසීමාව තුළ රුපියල් මිලියන 6,251ක ආදායමක් උපයා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, 2025 ජනවාරි මාසයේ සිට 2026 ඔක්තෝබර් 31 වැනිදා දක්වා මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 27,581.40ක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















































