
2026 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ බව දැනුම් දී ඇති අතර, ඒ අනුව අදාළ කාලසීමාව තුළ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම තහනම් වේ.
2026 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතය.















































