
භික්ෂු භාවයෙන් නෙරපා හරින ලද රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කර තිබේ.
ඔහුට එරෙහිව ඇති නඩුවක් සඳහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශ මගින් ආගමික සංහිඳියාවට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ඔහුට එරෙහිව මෙම නඩුව විභාග වෙමින් පවතී.








































